ප්‍රමිති ලාංඡනයක් අවභාවිතා කර සිදුකරන, පොල්තෙල් ජාවාරම ගැන එලියට එයි..
ඊයේ (27) පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය වැටලීමක් ක්‍රියාත්මක කර තිබේ.
එහි දී තොග සහ සිල්ලර වශයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයක් පරීක්ෂා කර ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එම වෙළෙඳසල පොල් සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන ප්‍රමිති ලාංඡනය අවභාවිත කර ජනතාව නොමඟ යවා පොල්තෙල් අලෙවි කරන බවයි.
අදාළ ලාංඡනය ලබා දෙන්නේ, පොල් සංවර්ධන අධිකාරිය මඟින් බෝතල් කර, කල් ඉකුත් වීමේ දින සඳහන් කර පොල්තෙල් විකිණීම සඳහා පමණක් වුවත් මෙම වෙළඳසලේ එවැන්නක් සිදු නොවන බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව මෙම පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එහි පැමිණි නිලධාරීන් ප්‍රකාශ කට තිබේ. මේ අතර, මෙම වැටලීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියා ගේ ආවරණ කටයුතුවලට ද වෙළෙඳසලේ සේවකයෙකු ගෙන් බාධා එල්ල වී තිබිණි.
කෙසේ වෙතත් පොල් සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන ප්‍රමිති ලාංඡන යොදා එහි ප්‍රදර්ශනය කර තිබූ පුවරු ගලවා ඉවත් කිරීමට පාරිභෝගික කටුයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගත් අතර, පොල්තෙල් ලීටර 19ක් නිලධාරීන් භාරයට ගත් බව ද සඳහන්ය.