පොල් තෙල් කන අයට රතු එළියක්..සමාගම් 4 ක් සම්බන්ධයෙන් තීරණයක්..

Sri Lanka Department of Prisons Sri Lanka Businessman Prisons in Sri Lanka Sri Lanka Customs
By Aruna Jul 21, 2023 06:37 AM GMT
Report

පරිභෝජනයට අහිතකර පොල් තෙල් ආනයනික සමාගම් 4 ක් සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම, එදිරිසිංහ ඔයිල් පෞද්ගලික සමාගම, එසෙන්සල් ඔයිල් පෞද්ගලික සමාගම සහ කලම්බු එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් ඒජන්සීස් පෞද්ගලික සමාගම යන සමාගම් සම්බන්ධවයි.

එම සමාගම් 4 පරිභෝජනයට අහිතකර පොල් තෙල් මෙට්‍රික් ටොන් 2,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.