පොල්තෙල් කන අයට රතු එළියක්...මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.
විෂ සහිත ආනයනික පොල්තෙල් මෙරට දේශීය පොල්තෙල් සන්නාමය යටතේ අලෙවි වන බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
ඊයේ (13) කුරුණෑගල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ පසුගියදා කැකිරාවේ දී හමුවූ ආනයනික විෂ සහිත පොල්තෙල් වරායෙන් පිට වූ ආකාරය ගැටලු සහගත බවයි.
මීට පෙරත්(2021 වර්ෂයේ) මෙරටින් වාර්තා වූ ආනයනය කරන ලද පොල්තෙල්වල අඩංගු ඇෆලටොක්සින් නමැති පිළිකා කාරකයක් සහිත පොල්තෙල් භාවිතය ඉතා අවදානම් බව කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර තිබුණා.
එම පොල්තෙල් ආහාරයට ගතහොත් අක්මාවේ පිළිකා ඇති විය හැකි යැයි ද ඒ මහතා පැවසූ අතර,මෙය දිලීර විශේෂයක් බවත්, එය අක්මාවට අහිතකර බවත්, එක්වර විශාල ප්‍රමාණයක් හෝ කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීරගත වුවහොත් පිළිකා තත්ත්ව ඇති විය හැකි බවත්, ඔහු මීට පෙර අවධාරණය කළා.
මෙය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට බලපාන බවද පවසන ඔහු කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීමේ ශක්තිය අඩු වීම ඊට හේතුව ද පෙන්වා දෙයි.
එමනිසා මෙම භයානක විෂ රසායනිකය ශරීරයට ඇතුළු කර ගත නොයුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |