උඩු දුවපු පොල්තෙල් ප්‍රශ්නයට මොකද වුණේ?.

Mahinda Amaraweera Government Of Sri Lanka Ministry of Agriculture Latest Headlines Value Added Tax​ (VAT)
By krishani Jun 25, 2024 01:24 PM GMT
Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

උඩු දුවපු පොල්තෙල් ප්‍රශ්නයට මොකද වුණේ?. | Coconut Oil Price In Sri Lanka

ඒ වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අය කරන බද්ද රුපියල් 150ක් වේ.

දැනට රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් ඇතැයි ද 2023ට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුණයක ඉහල යාමක් බව ද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති අතර මිල ඉහල දැමීමට පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන ප්‍රයත්නය කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරිය පැවසීය.

කෙසේ වෙතත්, 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%