වැඩි වියදමක් නැතිව හදන්න පුළුවන් රසම රස පුඩින් Recipe එකක්.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 22, 2022 12:09 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වැඩි වියදමකින් තොරව පොල් ගෙඩියකින් රසම රස පුඩිමක් හදන විදිහ ගැනයි අද කියලා දෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

? ගාගත් පොල් කෝප්ප 2ක්

? වතුර කෝප්ප 2ක්

? කෝන්ෆ්ලා කෝප්ප කාලක්

? සීනි කෝප්ප භාගයක්

? වැනිලා තේ හැඳි භාගයක්

? රස අනුව ලුණු  


සාදාගන්න ආකාරය

? මුලින්ම සුදුසු භාජනයක් ගෙන හොඳින් බටර් ආලේප කර පසෙකින් තබන්න.

? මීළඟට ගාගත් පොල් ටික බ්ලෙන්ඩරයට දමා එයට වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

? පෙනේරයක් ආධාරයෙන් මෙම පොල්කිරි ටික පෙරා ගන්න.

? දැන් මෙම පොල්කිරි වලින් වෙනම පොල් කිරි කෝප්ප කාලක් පමණ ගෙන එයට කෝන්ෆ්ලා එක්කර කැට නැතිවෙන සේ හොඳින් මිශ්‍ර කරගන්න.

? ඉතිරි පොල්කිරි වලට සීනි එකතු කර හොඳින් දිය කර ගන්න.

? දැන් මෙම පොල්කිරි, සීනි මිශ්‍රණය ළිපේ තබා මද ගින්දරේ රත් කරන්න.

? මෙම මිශ්‍රණය බුබුළු දමමින් උතුරවා ගෙන එන විට දියකර ගත් කෝන්ෆ්ලා ටික එකතු කර කැටි නොගැසෙන සේ හොඳින් හැඳි ගාන්න.

? විනාඩි 2ක් පමණ යන විට මිශ්‍රණය ඝන වී එනවා ඔබට පෙනේවි.

? දැන් මෙම මිශ්‍රණය ලිපෙන් බා කලින් සූදානම් කරගත් පුඩිං කප් එකට දමා ශීතකරණයේ යට කොටසේ පැය 2ක් පමණ තබන්න.

? දැන් රස බලන්න පුළුවන්.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW