ලඩ්ඩු කන්න ආස අයට මෙන්න ඊසි රෙසිපි එකක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 02, 2022 11:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මෙන්න පොල් වලින් හදන්න පුළුවන් රසම රස ලඩ්ඩු රෙසිපි එකක්. හදලම රස බලන්නකෝ.  

අවශ්‍ය ද්‍රව්‍ය

? ගා ගත් පොල් කෝප්ප 2ක්

? සීනි කෝප්ප 3/4

? කිරි කෝප්ප1/2

? ගිතෙල් මේස හැඳි 1ක්

? ලුණු ස්වල්පයක්

? වැනිලා

? කලරින්

? කජු ස්වල්පයක්

? කරදමුංගු 2-3

සාදාගන්න ආකාරය

? පොල් බ්ලෙන්ඩ් කරලා කුඩු කරගන්න

? භාජනයක් ලිප තබා ගිතෙල් හැන්දක් දමා රත් කරගන්න

? එයට කජු කැබලි දමා මදක් බැදගෙන අයින් කරගන්න

? ඉන්පසු එම භාජනයටම පොල්,සිනි හා කිරි දමා රත් කරන්න

? ඊට කරදමුංගු, ලුණු එකතු කරගන්න.

? වතුර හිදීගෙන එන විට වැනිලා, කලරින් සහ බැදගත් කජු ද එකතු කරන්න.

? එම මිශ්‍රණයේ තෙත ගතිය සිඳී ගිය පසු ලිපෙන් ඉවත් කරගන්න.

? මිශ්‍රණය නිවුණු පසු ගුලි සදා රස බලන්න 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW