විභාග අක්‍රමිකතා විරෝධතා අවසන් - ඉල්ලීම්වලට රජය එකඟ වූ බව විරෝධතාකරුවන් පවසයි
India
Latest Headlines
Sinhala news
Puwath.lk
Cockroach Janta Party (CJP)
By R.rishma
විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා අවසන් කිරීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) පස්වරුවේ ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
විරෝධතාවයේ නිරත වූ පිරිස් ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඇතුළු තමන් ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් සඳහා රජයේ පාර්ශ්වයෙන් එකඟතාව පළවීම හේතුවෙන් විරෝධතා අවසන් කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව, දිගුකාලීනව පැවති විරෝධතා ව්‍යාපාරය නිමාවට පත් කිරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.