කැරපොත්තෙක් ඇඟේ ගෑවුණාට පස්සේ අපි ඊයා කිවුවට කැරපොත්ත කරන දේ දන්නවද?

By Wayomi Jul 28, 2022 05:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කැරපොත්තෙක් දැක්ක ගමන් හූ තියලා බෙරිහන් දෙන එක සාමාන්‍ය දෙයක්. ලොකු කුඩා, ගැහැණු පිරිමි භේදයක් නැතිව ගොඩක් අය කැරපොත්තෙක් ළඟින් පිඹලා ගියොත් මැරෙන්න හදයි. ඇත්තටම ඔබ කැරපොත්තට බය ඔවුන් සපා කයි කියලවත්, දෂ්ට කරයි කියලා නෙවෙයි, තියෙන අප්පිරියාවට. හැබැයි ඉතින් මේ කියන්න යන්නේ කැරපොත්තා ගැන ඔබ මීට කලින් අහලා නැති කරුණු කිහිපයක් ගැනයි.

🟤 කැරපොත්තා සැලකෙන්නේ ලෝකයේ පැරණිම සතා ලෙසයි.

🟤 කැරපොත්තාට දත් නැහැ.

🟤 පවතින පරිසරයට හැඩ ගැහෙන්න කැරපොත්තාට හැකියාව තියෙනවා. න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ උනත් වඳ වී නොයන එකම සත්ත්වයා තමයි කැරපොත්තා. සහරා කාන්තාරයේ ගිනි අව්වේ හෝ අධික ශීතක වුණත් මොවුන් ඉන්නවා.

🟤 කැරපොත්තාට ජිවත් වෙන්න ආලෝකය ඕන නැහැ. මොවුන් ජීවත් වන්නේ අඳුරු අහුමුළු වල.

🟤 කැරපොත්තාට පුළුවන් 25ස් වතාවක් විතර ගමන් කරන දිශාව වෙනස් කරන්න.

🟤 ඒ වගේම පැයකදී සැතපුම් 8 ක වේගයෙන් දුවන්න පුළුවන්.

🟤 කැරපොත්තාගේ එක කකුලක් හරි කැඩුනාත් අපහු සති තුනකින් කකුල එනවා .

🟤 එමෙන්ම කැරපොත්තාට ඔලුව නැතුව සතියක් ඉන්න පුළුවන්.

🟤 කෑම නැතුව මාසයක් ඉන්න පුළුවන්.

🟤 වතුරත් නැතුව සතියක් වගේ කාලයක් ඉන්න පුළුවන්.

🟤 කැරපොත්තාට කන් නැහැ.

🟤 ඇන්ටනා වගේ තියෙන්නේ ( කෙඳි වගේ ) අන්න ඒ ඇන්ටනා වලින් තමයි මේගොල්ලෝ සන්න්නිවේදනය කරන්නේ.

🟤 අපි වයසට ගියාම හැරමිට්ටෙන්නේ. ඒත් කැරපොත්ත පියාඹනවා. ඔබට හම්බෙන කැරපොත්තෝ කියන්නේ වයසට ගිය කැරපොත්තෝ.

🟤 අපේ ඇඟේ කැරපොත්තෙක් ගෑ වුණාම අපි ඊයා ඊයා කියාගෙන කෑ ගැහුවට එය ගිහින් පිහිදගන්නවා . ඒ තරමටම කැරපොත්තා පිරිසිදුයි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW