CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු මගට ගිය ට්‍රම්ප්..

Donald Trump
By krishani Oct 05, 2022 01:38 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා ඇති නව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම නාලිකාව විකාශනයන් සිදු කළ බවයි.

ඒ අනුව අදාළ මාධ්‍ය නාලිකාවට එරෙහිව ට්‍රම්ප් අපහාස නඩු පවරා ඇති අතර අමරිකානු ඩොලර් මිලියන 475ක වන්දියක් ද ඉල්ලා සිටියි.

තමන්ව දේශපාලනික වශයෙන් පරාජයට පත් කිරීමට CNN මාධ්‍ය ජාලය කටයුතු කර ඇති බවත් මෙම නඩුව පිටු 29කින් සමන්විත වන අතර තමන් 2024 වර්ෂයේ දී යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බැවින් ඊට එරෙහිව සී.එන්.එන් මාධ්‍ය නාලිකාව තමන්ට අපහාස හා අපවාද එල්ල කරන බවත් හෙතෙම ඔහු පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join