ක්ලබ් වසන්තගේ ඝාතකයන් කොටු කරගැනීමේ මෙහෙයුම දැන් ලැබුණු අලුත්ම ආරංචිය.
අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකුගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ මුර කපොලුවල ආරක්ෂාව තරකර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
මන්නාරමේ ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැණුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදීසී කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කිහිපයක් අලුතින් ආරම්භ කළ බවයි.
ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටුවල ධීවර හැදුණුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබඳව නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකා නිලධාරීන් සහ ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීසියකින් සිටින බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.