වසන්තගේ ඝාතනය කිසිවෙකු නොසිතූ වෙනත් පැත්තනට පෙරළෙයි..කේ.සුජීවාට සහ හිටපු LTTE ප්‍රබලයින් දෙදෙනෙක්ට චෝදනා.(VIDEO)
පසුගිය දිනවල අපේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වුණේ, වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනයයි.
මෙම මහදවල් සිදු වූ ඝාතනය කවුරු විසින් සිදු කළේ දැයි යන්න තවමත් අභිරහසක්ව පවතී.
කෙසේවෙතත් මෙම ඝාතනයට ප්‍රබල පාතාලයෙකු වන කංඡපානි ඉම්රාන් සහ ලොකු පැටීට චෝදනා එල්ල වෙයි.
එවන් වට පිටාවක මෙරට බුද්ධි නිලධාරීන් විසින් වසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් මෙම ඝාතනයට අදාල ටැටූ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමට පැමිණි කේ. සුජීවාටද චෝදනාවක් එල්ල වෙයි.
එයට හේතුව නම් මෙම වසන්තගේ ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගේ මැදිහත් වීමක් සිදුව ඇති බව මෙරට හිටපු බුද්ධි අංශයේ ප්‍රබලයෙක් විසින් හෙළි කිරීමයි.
තවද කේ. සුජීවා දෙමළ ජාතික කාන්තාවක් බවත්, ඇය මෙම ඝාතනයට හේතුව දන්නා බවත් එම බුද්ධි අංශ නිලධාරියා පවසයි.
මේ අතර, කරුණා අම්මාන් සහ සිවාජිලිංගම්ගේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙරට තුල ක්‍රියාත්මක වන බව මෙම හිටපු බුද්ධි නිලධාරියා පවසයි.
හිටපු බුද්ධි නිලධාරියා විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ යූ ටියුබ් නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
එම විශේෂ හෙළිදරව්වේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න?