කවුද මේ ක්ලබ් වසන්ත ඝාතනයට සහාය වු මන්ත්‍රීවරයා.. නවතම තොරතුරු.

Murder Srilanka Bus
By Sithumini Aug 29, 2024 08:53 AM GMT
Report

පසුගියදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම අවස්ථාවට එක්වුණු අවස්ථාවක සිදුවූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙජු ඝාතනයට ලක්වුණා. 

 එම වෙඩික්කරුවන් සොයා සිදුකළ මෙහෙයුම් වලින් වෙඩික්කරුවන් අත්අඩංගුවට ගත් අතර අද ඔවුන්‍ට ආධාර අනුබල දුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවට පත්වුණා.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වායි. ඔහු එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් ලබා දීමේ චෝදනා ඔහුට එල්ලව තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් 'පොඩි බලයා' නැමැත්තාත්.

රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ, මධුශංක ද සිල්වා නොහොත් 'බහිරවයා' නැමැත්තෙක් බවත් පොලීසිය හදුනාගත් අතර ඔවුන්ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා