කරාබුනැටි වල ඇති ඔබ පුදුම වන ගුණ...

Sri Lanka
By Subodha Jun 17, 2022 04:23 AM GMT
Subodha

Subodha

in රචනා
Report

කරාබුනැටි කියන්නෙ පුරාණෙ ඉඳන්ම බොහෝදෙනා භාවිතා කරපු, බොහෝ ප්‍රයෝජන තියෙන, ඖෂධීය ගුණ තියෙන දෙයක්. මේ කාලෙදිත් කරාබුනැටි විවිධ වූ නිෂ්පාදනවලට අංගයක් විදියට තියෙනවා. ​කරාබු නැටි ඔබ නොහිතන විදියටත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ඒ විදියට එදිනෙදා අපිට කරාබුනැටිවලින් තියෙන ප්‍රයෝජනය ගැනයි මේ සටහන වෙන් වෙන්නේ.

  • බඩ පිපීම සමනයට.
  • බඩේ අජීර්ණයට
  • වමනය පාලනය සදහා.
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම
  • ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව
  • මුවේ ඇති වන දුගඳ පාලනය කිරීම
  • සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමේ හැකියාව
  • කොලොස්ටරෝල් වැළඳීමේ අවදානම අවම කිරීම.
  • කැස්සෙන් පීඩා විඳින අයට
  • සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය, ඇදුම ආදි රෝග සමනයට.
  • දත් දිරා යාම වලක්වා ගැනීමට.
  • වීදුරු මස් ඉදිමීම සුව කිරීමට.
  • ඔස්ටියෝපොරෝසිස් ඇතුළු අස්ථි ආබාධ ඇති වීම වළක්වා ගැනීමට.
  • විවිධ විෂ නැසීමේ ගුණය.
  • ආහාර විෂ වීම් වලට ප්‍රතිකාර.
  • පණු රෝග වලින් මිදිමට. 

කරාබු නැටි වල ඇති සැර ගතිය නිසාම ගැස්ට්‍රයිටීස් රෝගීන්, කුසේ තුවාල ඇති අය කරාබු නැටි පමණට වඩා භාවිතා නොකළ යුතුයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now