මුදල් වංචා කල රාජ්‍ය බැංකුවක ලිපිකරුට ලැබුණු දැඩි දඩුවම
Central Bank of Sri Lanka
Sri Lanka
Sri Lanka Police Investigation
Money
Prisons in Sri Lanka
By Sewvandhi
රාජ්‍ය බැංකුවක ප්‍රධාන ලිපිකරුවෙකුට කොළඹ පූර්වගාමී මහධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් බරපතළ වැඩසහිත වසර 30ක සිරදඬුවම් නියම කර තිබේ.
ඒ, ව්‍යාජ ලේඛන සකසමින් ගනුදෙනුකරුවෙකුගේ මුදල් සිය ගිණුමට හරවා ගැනීම ඇතුළු චෝදනාවලට වරදකරු කරමිනි. කෙසේවෙතත් එම සිරදඬුවම වසර 5කින් ගෙවීයා යුතු බවත් විනිසුරුවරයා නියෝග කර සිටියේය.
රාජ්‍ය බැංකුවක කොලොන්නාව බැංකු ශාඛාවේ ප්‍රධාන ලිපිකරු ලෙස 2002 වසරේ කටයුතු කර ඇති විත්තිකරු අවස්ථා 03කදී වෙනත් ගිණුම් හිමියෙකුගේ මුදල් සිය ගිණුමට හරවාගැනීමට කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන සැකසීමේ ඇතුළු අධිචෝදනා 09ක් යටතේ නීතිපතිවරයා නඩුව පවරා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |