හානි නොවන විදිහට තනිවම පරිගණක තිරය පිරිසිදු කරගන්න හැටි.
පරිගණක භාවිතා කරද්දී සතියකට සැරයක් දෙකක්වත් keyboard එකයි, screen එකයි පිරිසිදු කරන්න වග බලාගන්න ඕන. නැත්නම් ඒවායේ කුණු දුවිලි පිරිලා physical damage වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න බැරි වුණාම තමයි හූස් ගෑවෙන්නේ.
හැබැයි එහෙමයි කියලා පත්තර කොළ කෑල්ලකින් පිහලා..මොකක් හරි කූරකින් keys අස්සට ඇනලා පිරිසිදු කරන්න නම් යන්න එපා. මොකද නොදැන ඒවා ඔබට හිතෙන විදිහට පිරිසිදු කරන්න ගියොත් පරිගණකයට හානි වෙන්න පුළුවන්.
Screen එක නිවැරදි පිරිසිදු කරන්නේ කොහොමද?
? ඉස්සර තිබුණු ඉදිරිපස වීදුරුව සහිත CRTමොන්ටර වලට වඩා දැන් තියෙන LCD තිර පිරිසිදු කිරීමේදී වැඩිපුර සැළකිලිමත් වෙන්න වෙනවා.
? මොකද මේවායේ සීරීම් ඇතිවීම සහ අත තදින් ස්පර්ශ වුවහොත් එහි වර්ණ සංකලනයන් සහ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීයාමේ වැඩි අවදානමක් තියෙනවා
? විශේෂයෙන් dead pixels හෙවත් තීරයේ තැනින් තැන පැචස් වැනි ස්වභාවයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි කර බැටරිය ඉවත් කර තිබීම ගැන සැලකිලිමත් විය යුතුයි.
? පිස දැමීමේදී ඇතිවන සීරීම් වළක්වා ගැනීමට මුලින්ම මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිතා කරමින් සියලුම දූවිලි ඉවත් කර හැරිය යුතුයි.
? ඊට පස්සේ තිරය මත ඇති තෙල් වැනි ස්වභාවයන් ඉවත් කිරීමට ආස්‍රත ජලය හෝ තීරය පිරිසිදු කිරීම සඳහාම වෙන් වූ වෙළෙඳ පොළෙන් ලබාගත හැකි ද්‍රාවණයක් භාවිතා කරමින් ස්ප්‍රේ කර වියලි රෙදි කැබැල්ලකින් ඉතා මෘදුව පිස දැමීම සිදු කළ යුතුයි.මේ සඳහාම වෙන් වූ microfiber cloth ( ඇස් කණ්ණාඩි පිරිසිදු කරන්න ගන්න රෙදි කෑල්ල වැනි රෙදි කෑල්ලක්) අරගන්න.
? මේ සඳහා කිසිම වෙලාවක වෙනත් රෙදි, තුවා, කඩදාසි, ටිෂූ භාවිතා කිරීමෙන් වළකින්න.
keyboard එක සහ touchpad එක පිරිසිදු කිරීම
? ඇතැම් පරිගණක වල keyboard එක මත හැලෙන කෑලි බෑලි ඉවත් කිරීම වෙනම උපකරණ කට්ටල තියෙනවා. පුළුවන් නම් ඒවා භාවිතා කරන්න.
? මේවාට කිසිම වෙලාවක මෘදු ආනත තල (පැන්සල් හෝ පෑනක්) භාවිතා කරන්න එපා.මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිතා කරන්න .
? ඔබ නිතර touchpad එක භාවිත කරනවා නම් එහි දහඩිය රැඳී තිබෙන්නට පුළුවන්. එම නිසා එහි තිබෙන බොත්තම් වලින් පරිගණකය ඇතුලට කාන්දු නොවන සේ ආසෘත ජලය හෝ වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි පරිගණක පිරිසිදු කිරීමේ දියරයක් භාවිතා කරමින් මෙම දහඩිය පිස දැමීම සිදු කරගන්න. මෙහිදී ජලය හෝ දියර ස්වල්පයක් යොදා තුනී ස්ථරයක් ලෙස ආලේප කොට වියළි microfiber cloth රෙදි කැබැල්ලකින් පිස දැමීම සිදු කරන්න. යතුරු පුවරු මතුපිට සඳහාද මෙම ක්රමයම අනුගමනය කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |