පරණ වෙලා දිස්නේ අඩුයි නම්. මෙන්න ගෙදරදීම රන් ආභරණ පිරිසිදු කරන විදිහ.

Sri Lanka
By Wayomi Jun 25, 2022 11:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රන් ආභරණ ටික කාලයක් යද්දී ගද්දී තිබ්බා වගේ ලස්සනට දිස්නේ ගහන්නේ නැහැ නේද? ඒවා පරණ පාට වුණාම ඉතින් jewelry shop එකටම උස්සන් යන්න ඕන ඉතින් පිරිසිදු කරන්න. එහෙම වද නොවී ගෙදරදීම රන් ආභරණ පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කියලා දෙන්නම්.  

දියර සබන්

සැ.යු.

📿 උණුසුම් ජලය මඟින් ආභරණ සහ ආභරණ වල සවි කර ඇති ගල් වර්ග වලට හානි සිදු විය හැකි අතර හදිසි උෂ්ණත්ව වෙනස් වීම් වලදී ආභරණ වල පැලීම් ඇති විය හැකියි. ඒ නිසා තද උණු ජලය භාවිතා නොකරන්න.

📿 සීතල ජලය මඟින් ආභරණ මත බැඳී ඇති අපද්‍රව්‍ය තට්ටු තව තවත් හැකිලී ඝන වීම සිදු විය හැකියි.

📿 රළු කෙඳි සහිත බුරුසුවක් භාවිතා නොකළ යුත්තේ, එමඟින් ආභරණ සීරිමකට ලක් විය හැකි නිසයි.

 සිදු කරන විදිහ

💛 දියර සබන් මඳ රස්නය සහිත ජලයට මුසු කරන්න.

💛 එයටම සෝඩා ස්වාල්පයකුත් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

💛 ඔබේ ආභරණ මේ දියරය තුල ගිල්වා විනාඩි 30ක් පමණ තබන්න. ආභරණ වල තැවරුණු අපද්‍රව්‍ය සෙමින් මෙලෙක් වීම මෙහිදී සිදු වෙනවා.

💛 ඉන් පසුව කෙඳි මෙලෙක් දත් බුරුසුවක් ගෙන ආභරණ වල කැටයම් කැපු ස්ථාන, කොන්, කුඩා සිදුරු ආදිය ගැන සැලකිලිමත් වෙමින් ආභරණ එකින් එක අතට ගෙන, මෘදුව අතුල්ලමින් සෝදන්න.

💛 දැන් ඔබේ ආභරණ පෙරනයකට දමා, ඒ මතට මඳ රස්නය ඇති ජලය වත් කරන්න. - පසුව සෝදා ගත් ආභරණ මෘදු රෙදි කඩක් මත තබා පිසදා ගන්න.

💛 ආභරණ මඳ පවනේ සම්පුර්ණයෙන්ම වියලා ගත යුතුයි. තෙත ආභරණ පැළඳීමෙන් සමේ රෝග ඇති විය හැකියි.


ඇමෝනියා ද්‍රාවණය

සැ.යු.

📿 ඇමෝනියා කියන්නේ ප්‍රභල පිරිසිඳු කාරකයක්. මේවා මඟින් නිතර ආභරණ පිරිසිඳු කිරීම සුදුසු නැහැ.

📿 එමෙන්ම මුතු, ප්ලැටිනම් හා ගල් වර්ග ඇල්ලූ රන් ආභරණ පවිත්‍ර කිරීම සඳහාත් මේවා යොදා ගන්න එපා. 

සිදු කරන විදිහ

🧡 ඇමෝනියා තේ හැන්දකට, වතුර තේ හැඳි 6ක් එක් කරන්න.

🧡 ඔබේ රන් ආභරණ එකින් එක මේ ද්‍රාවණයට බස්සවා, විනාඩියක් තුල ඉවතට ගන්න.

🧡 විනාඩියකට වැඩි කාලයක් ආභරණය ද්‍රාවණය තුල තිබීමෙන් එයට හානි සිදු විය හැකියි. - දැන් ඔබේ ආභරණ පෙරනයකට දමා, ඒ මතට ජලය වත් කරන්න.

🧡 සෝදා ගත් ආභරණ නැවත පැළඳීමට පෙර මෘදු රෙදි කඩකින් පිස දමා හොඳින් වියළා ගන්න. 

  

ගල් වර්ග ඇල්ලූ ආභරණ පිරිසිදු කිරීම

සැ.යු.

📿 ගල් ඇල්ලූ අභරණ පවිත්‍ර කළ යුත්තේ ඉතා ප්‍රවේසමෙනි.

📿 තදින් ඇතිල්ලීමෙන් හෝ උණුසුම් ජලයෙන් සෝදා හැරීමෙන් ගල් බුරුල් වී වැටෙන්නට ඉඩ තිබෙනවා.

📿 මේ ගල් වර්ග සවි කිරීමට යොදා ගත් ගම් වර්ග කුමකින් හෝ ඉවත් වූවොත්, මේවා ඔබටත් නොදැනීම හැලී යා හැකියි.  

සිදු කරන විදිහ

💚 මේ නිසා මෙවැනි ආභරණ පවිත්‍ර කිරීම සඳහා දියර සබන් යොදා ගත හැකියි.

💚 මෘදු රෙදි කඩක් දියර සබන් වල පොඟවා ආභරණ මෘදුව අතුල්ලන්න.

💚 ඉන්පසුව පිරිසිඳු ජලයෙන් පොඟවා ගත් වෙනත් මෘදු රෙදි කඩකින් ආභරණ නැවත පිසදා ගන්න.

💚 ආභරණ රෙදි කඩ මත අතුරා, මඳ පවනේ වියලා ගන්න.

 

දන්තාලේප

සැ.යු.

📿 දන්තාලේප තනිකරම භාවිතා කර ආභරණ පවිත්‍ර කිරීමට යෑමෙන්, ආභරණ වල හානි සිදු විය හැකියි. මේ නිසා සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් ජලයට මුසු කරන්න.  

  සිදු කරන විදිහ

💙 සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් ජලයට මුසු කරන්න.

💙 මෘදු බුරුසුවක් ගෙන මිශ්‍රණය යොදා ගනිමින් ආභරණ සෙමෙන් මැද ගන්න.

💙 ඉන් පසුව පිරිසිඳු ජලය යොදා ගනිමින් ආභරණ සෝදා ගන්න. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW