මැටි වළං වල කෑම මෙච්චර ගුණ ඇයි කියලා දන්නවද?
මැටි වළං වල උයන කෑම එකකුයි,ඇලුනිනියම් ඇතිලියක උයන කෑම එකකුයි දීලා ඒ දෙකෙන් රස කෝකද කියලා ඇහුවොත්, ඔබ එක පයින්ම කියන්නේ මැටි වළං වල උයපුවා රසයි කියලනේ. ඇත්තටම බැලුවොත් රස විතරක් නෙවෙයි ඒවා ගුණයි.එහෙම වෙන්නේ කොහොමද? කියලා හොයලා බලමුද?
? මන්දගාමී ආහාර පිසීම නිසා මැටි භාජන මගින් තෙතමනය හා තාපය ආහාර හරහා සංසරණය වීමට ඉඩ සලසා පෝෂණ මට්ටම රඳවා ගන්නවා. ලෝහ භාජන වල පිසීමේදී තාප අවස්ථිතිය කළු වෙනවා කර වෙනවා. විශේෂයෙන් මස් පිසීමේදී තාප අවස්ථිතිය මාංශ පේශි වල ප්‍රෝටීන සහ කොලජන් සම්පූර්ණයෙන්ම බිඳවැටීම සිදු වෙනවා. මැටි වළඳක ආහාරයක් පිසෙද්දි තාපය ක්‍රමානුකූලව ලැබෙනවා. එතකොට රොස් වෙන්නෙ නෑ ඉක්මනට. පෝෂණ ගුණයත් රැකෙනවා. ඒ නිසාම කුඩා දරුවන්ට පවා කෑම පිසින්න කියන්නෙත් මැටි වළං වලයි.
? රසායනික ප්‍රතික්‍රියා නැහැ.මැටි බාජන වල ඇඹුල් දෙයක් හැදුවත් අගුණයක් වෙන්නේ නෑ. ඒත් ඇලුමිනියම් ඇඹුල් දේවල් හදන්න බෑ. අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා විෂ සංඝටක හදනවා.ඒවා අපේ සිරුරට එහෙමත් නැත්නම් සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ලබනවා.මැටි බඳුන් වල උයන ආහාර යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර් වලින් පොහොසත් නිසා සෞඛ්‍යට හිතකරයි.
? තෙල් භාවිතා කරලා කෑමක් හදා ගන්න වුණත් ඒක මැටි වළං වල හදද්දි අඩුම තෙල් ප්‍රමාණයකින් පිසගන්න පුළුවන්.මැටි බඳුන් වල කෑම පිසින්න තරමක් වෙලාව යනවා. තින් ආහාරයේ අඩංගු ස්වභාවික තෙල්, තෙතමනයෙන්ම කෑම ටික පිස ගන්න හැකියාව ලැබෙනවා.
? මැටි වළං වල් ආහාර පිසීමෙන් ආහාර ජීර්ණය පහසු කරනවා.මැටි කියන්නෙ ක්ෂාරීය දෙයක්. මැටි වළඳක ආම්ලික දෙයක් ඉව්වොත් එම ආම්ලික බව උදාසීන කරලා ජීර්ණය පහසු කරවනවා. ඒ වගේම ආහාර වල ඇති PH අගය සමතුලිත කරන අතර ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇත්නම් ඒවාත් ඉවත් කරනවා.
? පිසූ ආහාරයක් නැවත රත් කිරීමෙන් එහි පෝෂණ ගුණයට දැඩි ලෙස හානි සිදු වෙනවා. මැටි වළං වල ආහාර පිසීමෙන් ඔබට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ.
? මැටි වළං වල ආහාර පිසීමෙන් ආහාරයට හොඳ රසක්,නැවුම් සුවඳක් එකතු වෙනවා.මේ නැවුම් සුවඳ, රස මැටි වළං වලින් උයන ආහර වල හැරුණාම වෙන කිසිම භාජනයකින් ගන්න බැහැ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |