කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමෙන් 100ක් පළා යයි..බරපතල තත්ත්වයක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Nov 07, 2022 01:02 AM GMT
Report

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 100කට අධික සංඛ්‍යාවක් පළාගොස් තිබෙන බව වාර්තා වනවා.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇති බවයි කන්දකාඩු පොලිසිය පැවසුවේ.

මෙම ගැටුමෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් එම අවස්ථාවේ රැදවියන් 500කට වැඩි පිරිසක් මධ්‍යස්ථානය තුල සිටි බවද ඉහල හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. 

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now