සිමෙන්ති සහ කම්බි මිල අහස උසට යයි...නිවාස සිහිනය බොඳවෙයි.
වෙළඳපොලේ අලෙවි වන වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 38,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මීට දින 03කට පමණ පෙර මෙලෙස වානේ කම්බි ටොන් එකක මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
රුපියල් 254,500කට පෙර එලෙස අලෙවි වූ වානේ කමිබ් ටොන් එකක මිල මේ වනවිට රුපියල් 292,500 ක් වනවා.
ඒ අනුව මිලිමීටර් 10 වානේ කම්බියක් රුපියල් 1,040කටත්, මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 1,500කටත්, මිලිමීටර් 16 වානේ කම්බියක් රුපියල් 2,725කටත් අලෙවි වේ.
කෙසේ වෙතත්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හමුවේ අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් වානේ කම්බි මිල ගණන් ඉහළ යා හැකි බවයි නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර, මේ වනවිට වෙළඳපොලේ ඇතැම් සිමෙන්ති සමාගම් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව, රුපියල් 1,500 ක පමණ අගයක පැවති සිමෙන්ති කොට්ටයක මිල එම සමාගම් මගින් වෙළඳපොළට නිකුත් කර ඇත්තේ රුපියල් 1,850 ත්, 1,900 ත් අතර මිලකටයි.
මෙම මිල ඉහළ යාම හේතුවෙන් මේවන විට රට පුරා පිහිටි වෙළඳසැල් වල වානේ කම්බි සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |