සිමෙන්ති 225කින් මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරයි.. යළි 1500ට බස්සයි?..1800ක වැඩි වීමක්..

Sri Lanka Businessman
By Aruna Dec 14, 2022 11:31 PM GMT
Report

ඊයේ (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව, ඉන්සී, සංස්ථා සහ ඉන්සී මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

කෙසේවෙතත් සිමෙන්ති සඳහා පාරිභෝගිකයින්ගේ ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇතැම් සිමෙන්ති වර්ග පසුගිය දිනවල වෙළඳපොලෙහි 2650 - 2600 වැනි මිල ගණන් වලට පැවතියා.

මෙලෙස රුපියල් 225කින් අඩුවීම හේතුවෙන් 2600 වැනි මිලට පසු ගිය දින වල අලෙවි වූ සිමෙන්ති තවත් පහල බසිනු ඇති.

කෙසේවෙතත් සිමෙන්ති එකවරම සීග්‍රයෙන් ඉහළ ගියද ඊට පෙර සිමෙන්ති කොට්ටයක් පැවතියේ රුපියල් 950 වැනි මිලකටයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 225 කින් පහල බැස්සද මිල අධික ලෙස ඉහල යෑමට පෙර පැවති මිල (950) සමග සැසදීමේදී රුපියල් 1800ක් වැනි වැඩි වීමක් තවමත් පවතී.

එමනිසා අධික ලෙස මිල ඉහළ දමා රුපියල් 225කින් වැනි සුළු ගණනකින් අඩුකර පාරිභෝගිකයින්ට සුළු සහනයක් ලබාදීම ප්‍රමාණවත් වන්නේ නැත.

පාරිභෝගිකයින් සමඟ මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් පවසා සිටියේ, අධික ලෙස සිමෙන්ති මිල ඉහළ දමා දැන් 225ක් වැනි මිලකින් අඩු කිරීම උත්සව සමයේ ජනතාව රැවටීමට ලක්කිරීමක් කරන බවයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ පෙර පැවති මිල(950) කෙසේවෙතත් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1500ක මිලකටවත් ලබා දෙන්නේ නම් එය ජනතාවට යම් සහනයක් වන බවයි.

එසේ නොමැතිව තවමත් ඉහළ මිලක් යටතේ(2750) සිමෙන්ති අලෙවි කිරීම නිසා පාරිභෝගික ජනතාව තමන්ගේ සිහින මාලිගා ඉදිකිරීම සිහිනයක්ම වනු ඇති.

එම නිසා වියයුත්යේ අධික මිල ගණන් වලට අලෙවි වන භාණ්ඩ මිල ජනතාවට දැනෙන පරිදි පහල දැමීමයි.

එසේ සිදු වුවහොත් භාණ්ඩ අලෙවියත් ඉහළ ගොස් ජනතා බලාපොරොත්තුත් ඉටුවේ.

නැතහොත් අලෙවිකරුවන්න සිදුවන්නේ බිස්නස් නැතැයි පවසා පාරිභෝගික ජනතාව තව තවත් අසරණ කර හූල්ල හූල්ල සිටීමට පමණි.

මේ ගැන වගකිව යුතු බලධාරීන් දැන්වත් ඇස් යොමුකර තම පාරිභෝගික ජනතාවට දැනෙන සහනයක් ලබා දෙන්නේ නම් ඉතාමත් අගනේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now