යළිත් සිමෙන්ති මිල අහස උසට නගී..වැඩි වූ නව මිල මෙන්න..(PHOTOS
පසුගිය කාලසීමාවේ සිට අපේ රටේ සිමෙන්ති කොට්ටයක මිල අධික ලෙස ඉහළ යමින් පවතිනවා.
එලෙස මිල ඉහළ ගියේ, මීට පෙර රුපියල් 950 ට පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000 සීමාවට පැමිණෙමින්.
ඒ අනුව දැනට මාස ගණනාවක් තිස්සේ සිමෙන්ති ආශ්රයෙන් සිදු කරන සියලුම නිෂ්පාදන තාවකාලිකව නවතා දමා තිබේ.
එවන් තත්ත්වයක් තුළ විශාල පිරිසකගේ නිවාස සිහිනය, සිහිනයක් බවට පත්ව ඇති අතර,විශාල පිරිසකගේ රැකියාද අහිමිවී පවතී.
තවදුරටත් ඒ අයගේ බලාපොරොත්තු සිහිනයක් බවට පත් කරමින් සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 200කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව මිල වන්නේ රුපියල් 3200කි.
මෙලෙස සෑම භාණ්ඩයකම මිල අධික ලෙස ඉහළ යෑමෙන් ජනතාව තව තවත් කබලෙන් ලිපට ඇඳ දැමීමක් නොවන්නේද?
මෙවන් තත්ත්වයක් තුළ වෙළඳුන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දැමීමට ද පෙළඹී සිටීම කණගාටුවට කරුණකි.
වඟකිවයුතු බලධරයනි දැන්වත් මේ ගැන සොයා බලා අහිංසක අසරණ ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්න.
සිමෙන්ති කොට්ටයක රුපියල් 200කින් මිල ඉහළ ගිය නව මිල ඇතුලත් වූ සිමෙන්ති මිල පහතින් බලන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |