සිමෙන්ති බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවිඩයක්.

Sri Lanka Business Cimenth
By Aruna Jan 26, 2022 04:15 AM GMT
Report

පසුගිය වසරේ සිටම විවිධ අවස්ථාවලදී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයන් ඇති වුණා.

රුපියලට සාපේක‍ෂව ඩොලරය අගය ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති මිල ඉහළ යාම වැනි හේතු මත ආනයනකරුවන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙම තත්ත්වය මත ආණ්ඩුව විසින් හිඟය මඟහරවා ගැනීම සඳහා සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළ ද පවතින ඩොලර් අර්බුදය මත සිමෙන්ති ආනයනය තවදුරටත් සීමා වී පවතිනවා.

මේ අතර, සිමෙන්ති ආනයනයකරුවන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පවතින සිමෙන්ති හිඟය පහව යනු ඇති බවයි.

මේ වනවිට සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් මෙරටට පැමිණ ඇති බවත්, එම සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ආනයනකරුවන් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now