සිමෙන්ති සම්බන්ධයෙන් ලංකාවේ සිදුවූ දේ ගැන නවතම අනාවරණයක්..

Sri Lanka Businessman
By Aruna Sep 19, 2022 07:10 AM GMT
Report

මෙම වසරේ මුල් මාස හය තුළ, මෙරට සිමෙන්ති භාවිතය 19%කින් පහත වැටී ඇති බව වාර්තා වනවා.

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) දහයෙන් පංගුවක් නියෝජනය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය ද, මෙරට ආර්ථිකයේ හැකිලීම හේතු කරගෙන පසු ගිය කාලවකවානුව තුළ කඩා වැටීමකට ලක්ව තිබීම හේතුවෙන්.

ඒ අනුව පසුගිය වසරේ (2021) ජුනි මාසයට සාපේක්ෂව මෙරට සිමෙන්ති භාවිතය මේ වසරේ ජුනි මාසය වන විට මෙට්‍රික් ටොන් 302,000ක් දක්වා පහත වැටී ඇති අතර එම කඩා වැටීම ප්‍රතිශතයක් ලෙස 47.9%ක්.

එසේ ම මෙම වසරේ ජුනි දක්වා ගත වූ මාස හය තුළ මෙරට සිමෙන්ති පරිභෝජනය පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව 19%කින් පහත වැටී ඇති අතර එය මෙට්‍රික් ටොන් 2,855,000ක් දක්වා පහත වැටී තිබෙනවා.

තව ද රට මුහුණ දෙන උග්‍ර විදේශ විනිමය හිඟය හේතුවෙන්, පෙර වසරේ ජුනි මාසයේ දී සිමෙන්ති ආනයනය 84%කින් පහත වැවුණු අතර එය ප්‍රමාණයක් ලෙස මෙට්‍රික් ටොන් 35,000ක් වනවා.

එසේම මේ වසරේ පළමු මාස හය තුළ සිමෙන්ති ආනයනය ද මෙට්‍රික් ටොන් 1,010,000 දක්වා සියයට 26.2කින් පහත වැටී තිබෙනවා.

තව ද ජුනි මාසයේ දී දේශීය සිමෙන්ති නිෂ්පාදනය 26.5%කින් පහත වැටුණු අතර එය ප්‍රමාණයක් ලෙස මෙට්‍රික් ටොන් 268,000ක් වනවා එසේ ම ගත වූ මුල් මාස හය තුළ දේශීය සිමෙන්ති නිෂ්පාදනය 1,845,000ක් දක්වා අඩු වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 14.5%ක් වනවා.

මේ සියලු කාරණා අතරතුර, රුපියලේ අගය ශීඝ්‍ර ලෙස පිරිහීම හේතු කර ගනිමින්, මෙරට වෙළෙඳපොළේ සිමෙන්ති මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එම තත්ත්වය හේතු කොට ගෙන මෙරට කුඩා හා මධ්‍ය පරිමාණයේ ඉදි කිරීම් කටයුතු ද පහත වැටුණු අතර, සමස්තයක් ලෙස ගත වූ කාර්තු තුන තුළ රටේ විශාල ම සේවා යෝජකයෙක් වූ ඉදි කිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවය කළ ලක්ෂ සංඛ්‍යාත විධිමත් හා අවිධිමත් කම්කරු ප්‍රජාවකට සිය රැකියා ද අහි වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now