දුම්වැටි සහ මධ්‍යසාර ගැන රජයෙන් අලුත්ම තීරණයක්..! නවතම ඇප් (App) එකක්..

Ranjith Siyambalapitiya Sri Lanka Government Of Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Sep 21, 2022 10:31 AM GMT
Report

දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව අන්තර්ජාල ප්‍රචාරයන් වැළැක්වීම සඳහා දැඩි පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව ඍජු හෝ වක්‍ර ප්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති බවය.

එය VNATA mobile application media violations හඳුන්වා ඇත.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අන්තර් ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ග්‍රහණ 169ක් වසරේ මුදල් මාස අට තුළ සිදු කර ඇති බවය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම ග්‍රහණ සිදු ඇති බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර දුම්වැටි සහ මධ්‍යසාර සඳහා ඇබ්බැහි වූවන් මුදා ගැනීම සඳහා උපදේශන සේවාවන් ද රජය මගින් ක්‍රියාත්මක කරන බව සඳහන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now