5000කින් 3000ක ලාභයක් ලබන මේ වැඩේට ඔබත් හසුවුණා ද? - CIDය මහා රෑ වැටලූ Online මුදල් ජාවාරම. - (PHOTOS)
අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙයවන මධ්‍යස්ථාන දෙකක් කොච්චිකඩේ සහ මීගමුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රී කාලයේ වටලනු ලැබුවා.
එහිදී විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් චීන, පිලිපීන, මාලදිවයින්, පාකිස්තාන, ඉන්දියා, නේපාලය ඇතුළු රටවල් කිහිපයකම පුරවැසියන් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එම නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ, මොවුන් මේ වංචාව සිදු කර ඇත්තේ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බවයි.
මෙහිදී රුපියල් 5000ක මුදලක් ආයෝජනය කළොත් රුපියල් 3000ක ලාභයක් ලැබෙන බව සඳහන් කරමින් විශාල වශයෙන් මුදල් රැස් කර මේ අය වංචාවල නිරතව සිටි බවයි වාර්තා වන්නේ.
මේ නිවාස දෙකෙහි තිබූ සංනිවේදන උපකරණ විශාල තොගයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සිට මේ පිරිස වෙනත් රටවල්වලටද මේ ජාවාරම ව්‍යාප්ත කර ඇති බවට සසැක පල කරනවා.
කෙසේ වෙතත් ඔවුන් බිලියන ගණනක මුදල් වංචා කර වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.