සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට ගොඩක් වැදගත් පණිවිඩයක් - මේ වගේ දේවල් නම් කරන්න හිතන්නවත් එපා..
CID - Sri Lanka Police
Sri Lanka Politician
Tiran Alles
Social Media
Latest Headlines
By krishani
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මඩ ප්‍රචාර ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ය.
ඒ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.
එම පුද්ගලයා සතුව රුපියල් කෝටි 100ක පමණ මුදලක් තිබී සොයාගත් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අණාවරණය වී ඇත්තේ සැකකරු දේශපාලනඥයකුගේ සහාය ඇතිව ද්වේශසහගතව මඩ ප්‍රචාර ගෙන ගොස් ඇති බවටයි.
මෙවැනි ආකාරයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යාමේ සිදුවීම් වළක්වාලීම සඳහා රජය අන්තර්ජාල ආරක්ෂණ පනත ගෙන ආවේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය අවභාවිත කරන්නන්ට පමණක් එම පනත ප්‍රශ්නයක් වනු ඇති බවයි.