නිරුවත් වෙන්න ඕනි.., වැඩිහිටියන්ට පමණයි කියලා දන්න නිසා තමයි රගපෑවේ - සරාගි නිළි චුලක්ෂි රණතුන්ග කියූ වෙනස්ම කතාව (PHOTOS))

sri lanka gossip Chulakshi Ranathunga Gini mal pokuru
By Sithumi Jan 28, 2022 06:05 PM GMT
Report

මේ දිනවල සිංහල සිනමාවේ කාගේත් කතාබහට ලක්වී සිටින සුරුපී සරාගිනිය ඇයයි. ඇය මේ දිනවල රිදී තිරයේ තිරගතවන උදයකාන්ත වර්ණසුරියගේ ගිනිමල් පොකුරු චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරන්නීය. වැඩිහිටියන්ට පමණක් සීමාවූ මේ චිත්‍රපටයේ ඇය සරාගි නිළියක් බවට එක රැයින් පත්වී හමාරය.

ඇය චූලක්ෂි රණතුංගය.ඉතින් ඇය මේ චිත්‍රපටය ගැන අපිට කියන්නේ මේ විදිහටයි. චිත්‍රපටය ගැන කියනවනම් මේක වැඩිහිටියන්ට පමණයි.අඩු නිරුවත් චරිත කලාව තුළ හැම තිස්සෙම ප්‍රායෝගික දේවල්. අපි රංගනයෙන් ඉදිරිපත් කිරීමක්. වැඩිහිටියන්ට පමණක් දර්ශනවලට පෙනී සිටින්න කැමැති අකමැති කම් තුළ රඟපාන කට්ටිය සීමාවල් දාගෙන ඇති.

එහෙත් මම රූපණය කියන මාධ්‍යයට ඇවිත් වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට රඟපෑම තමයි සිද්ධ කරන්නේ. ඒ තුළ මම දන්නවා තමන්ගේ චරිතයට අදාළව නිර්මාණය තුළ වැඩිහිටියන්ගේ දර්ශනයක් තිබෙනවා නම් ඒ දර්ශනයට පෙනී සිටින්න කැමැත්තෙන් මම පිටපත භාර ගත්තා. එකේ චුලක්ෂි නොවෙයි ඉන්නේ පියුමි කියන චරිතයට අවශ්‍ය කෙනා ඉන්නේ. ගිනිමල් පොකුරු කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. ඒ ගණයේ චිත්‍රපටයක් බව දැන ගෙන තමයි මම රඟපෑවේ. තව මම රඟපෑ චිත්‍රපට කීපයක් තිබෙනවා.

මේ කොරෝනා වසංගතය හමුවේ චිත්‍රපට බලන්න පවුල් පිටින් එන්නේ නැහැ. එහිදී යම්කිසි ආකර්ෂණයක් සහිත චිත්‍රපටයක් තුළින් වැඩිහිටියන් ගෙන්වා ගැනීමට පුළුවන්. මොකද දරුවන් කොවිඩ් වසංගතය හින්දා ගේන්න අමාරුයි. ඉතිං වැඩිහිටියන්ගේ මානසික ආතතිය යම්තාක් දුරකට දුරුකරගන්න චිත්‍රපටයකට හෝ කලා කෘතියකට පුළුවන් වෙනවා. මේක ඒ හින්දා අවශ්‍ය කාලේ කළ හොඳ චිත්‍රපටයක් ලෙසටයි මා දකින්නේ

මම මොඩල් කෙනෙක්. නිරූපිකාවක් ලෙස සිහින් ඇඟක් මට තිබෙන්නේ. එහෙත් පියුමි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්. ඒ හින්දා මම ව්‍යායාම් කරන්නේ නැතුව ජිම් එකට යන්නේ නැතුව ඒ චරිතයට අවශ්‍ය විදියට ඇඟ හදා ගත්තා. එහෙම නැතුව කෘතිමව අඟපසඟ වෙනස් කර ගත්තේ නෑ. එහෙම දෙයක් පේන්න නෑ නේද? මම සාමාන්‍ය කාන්තාවක්. කාන්තාවක සතු ලක්ෂණ මා තුළ තිබෙනවා.

මගේ රඟපෑමත් එක්ක මිනිස්සුන්ගේ ආකර්ෂණය බැල්ම මට වැටෙන්න ඇති. සාමාන්‍ය ප්‍රේක්ෂකයා දන්නවා මම එන්නේ වාණීජ චිත්‍රපටයකින් කියලා. ඊට පස්සේ ඓතිහාසික චිත්‍රපටයක් වන විජයබා කොල්ලය රඟපෑවා. මම වර්ගීකරණයක් වෙලා නෑ. එකිනෙකට වෙනස් චිත්‍රපට ත්‍රිත්වයකින් මම ප්‍රේක්ෂකයා හමුවට ආවේ. එහෙම ලොකු යෝජනා මට ආවේ නෑ.

එදා තිබූ ප්‍රේක්ෂකයන්ගේ ආදරය අදටත් එලෙසම මට තිබෙනවා. ඒකේ වෙනසක් වෙලා නෑ. වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක රඟපෑවා කියලා.නිරූපිකාවක් ලෙස මුල්කාලයේ වත් දැන් වත් අයුතු යෝජනා බලපෑම් එල්ලවුණේ නැ.තමන්ගේ හැසිරීමත් එක්ක තමයි ඒ දේවල් සිද්ධවෙන්නේ කියලා මම නම් හිතන්නේ අයුතු යෝජනා කියන එක මේ කලාව තුළ විතරක් සිද්ධ වෙන එකක් නොවෙයි නේද? ඒක හැම ක්ෂේත්‍රයකම තිබෙන දෙයක්. කලාවෙත් මේ දේ තිබෙනවා.

ඒත් මට නම් එහෙම දේවල් ආවේ නෑ. ආදරේ ගැන කියනවනම් ආදරය ප්‍රකාශ කරපු අවස්ථා තිබෙනවා. ආදරය කරලත් තිබෙනවා. බොරු කියන්නේ මොකටද ඒත් වර්තමානයේ එහෙම දේවල් නැ. ආදරයක් විවාහයක් කරගන්න අදහසක් නැඅපි ස්වාමිපුරුෂයකුගෙන් මුලින් බලාපොරොත්තු වෙන්නේ රැකවරණය ආදරය හා විශ්වාසය කියන එක ගැහැණියකට ලැබෙනවාද කියන එකයි.

රැකවරණය හා ආදරයට පස්සේ තමයි අනෙක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක් අපේ ජීවිතයට ළංකරගෙන ජීවත් වෙන්න බැහැනේ. විශ්වාසය රැකවරණය ආදරය යන ත්‍රිත්වය තවමත් මට හම්බවෙලා නෑ. රාගයට අද මුල් තැන දීලා තිබෙන්නේ. රාගයක් ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් අර ත්‍රිත්වයේ ලක්ෂණ ඇති ස්වාමිපුරුෂයෙක් අපේ ජීවිතයට හම්බවෙන්නේ හරි අහඹු විදිහටයි. සරාගිත්වය මම දකින්නේ ආදරයක් විදිහටයි. ඒකට මම අකමැත්තක් දක්වන්නේ නෑ.

සරාගිත්වය තුළ දක්ෂතාවය තිබිය යුතුයි. දක්ෂතාවය නැති සරාගිත්වය විතරක් මට තිබිලා තියෙනවා නම් වැරදියි. එහෙම නැත්නම් ඒක මම තවම අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙලා ඉන්න ඕනෑ. ඒක ප්‍රේක්ෂකයාගේ තීරණය කරන දෙයක්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery