”ජාත්‍යන්තර පාපන්දු තරුව ” අවසන් ගමන් යයි

Football Turkey Earthquake
By Sewvandhi Mar 17, 2023 09:35 AM GMT
Report

තුර්කියට බලපෑ භූමිකම්පාවකින් මියගිය ඝානාවේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ අවසන් කටයුතු අද (17) ඔහුගේ උපන් ගම වන ඝානාවේ සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු තුර්කියේ පිහිටි ඔහුගේ මහල් නිවාසය කඩා වැටීමෙන් පසු සුන්බුන් අතර තිබියදී ඔහුගේ සිරුර සොයා ගැනීමටත් දින කිහිපයක් ගත වුණා . රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවමංගල්‍ය උත්සවය ඝානාවේ අගනුවර වන ඇක්‍රා හිදී සිදුකෙරෙන බවයි 

විදෙස් මාධ්‍ය පවසන්නේ. ඝානාවේ සහ විදේශයන්හි ශෝකවන්නන් දහස් ගණනක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Hatayspor ක්‍රීඩා සමාජයට ඔහු තම දායකත්වය ලබා දී ඇති අතර ඝානාවේ ජාතික කණ්ඩායම වෙනුවෙන් 65 වතාවක් ක්‍රීඩා කර තිබෙනවා.

ඝානාවේ ජාතික කණ්ඩායමට 2015 වසරේදී අප්‍රිකානු ජාතීන්ගේ කුසලානයේ අවසන් තරගයට පැමිණීමටද ඔහු දායක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

Join now