වාහනයට රක්ෂණාවරණයක් තෝරා ගන්න කලින් මේ ගැන සැලකිලිමත් වන්න.

By Wayomi Aug 12, 2022 09:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වාහනයක් මිලදී ගන්න කෙනෙක් රක්ෂණාවරණයක් ලබා ගන්න අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම එය ලංකාවේ මිස්සුන්ට නම් අත්‍යවශ්‍ය දෙයක්. ඒ කොහොම වුණත් රක්ෂණාවරණයක් කරන්න කලින් ගොඩක් හිතන්න වෙනවා. මොකද සමහරු ගාණ අඩුම රක්ෂණ ආයතන වල රක්ෂණය කරන අතර තවත් සමහරු තමන්ගේ හිතවතුන් හෝ මිතුරන් රක්ෂණ ආයතන වලින් රක්ෂණය කරනවා. හැබැයි මේ කියන්න යන්නේ තමන්ගේ වාහනයට රක්ෂණාවරණයක් වඩාත් සැළකිල්ලක් දැක්විය යුතු කරුණු කිහිපයක් ගැනයි.

? සාමාන්‍යයෙන් Third Party ඉන්ෂුවරන්ස් එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල අනෙක් ඒවාට සාපේක්ෂව අඩුයි. හැබැයි Third Party රක්ෂණ ආයතනය විසින් ගෙවන්නේ ඔයාගේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපලකට වන හානි වලට විතරයි. එකටත් විවිධ සීමා තියෙනවා. ඔයාගේ වාහනයට හෝ ජීවිතයට වෙන අලාභයකට, අනතුරකට මේ මගින් මුදල් ලබාගන්න හැකියාවක් නැහැ. හදිසියේ වාහනයට අනතුරක් වුණත්, ඒකේ වියදම් දරන්න වෙන්නෙත් ඔයාටමයි. හැබැයි ඔයාට එච්චර ආර්ථිකයක් නැතිනම්, full insurance එකක් ගොඩක් වටිනවා.

? සමහරු තමන්ගේ තනි පාවිච්චියට වාහන ගන්න අතරේ තවත් සමහරු හයර් දුවන්න හෝ රෙන්ට් කරන්න වාහන ගන්නවා. හයර් කරද්දි හෝ රෙන්ට් කරද්දි වෙන පුද්ගලයෙක් අපේ වාහනේ ධාවනය කරලා අනතුරකට ලක්කර ගත්තොත් ඔබේ අලාභයට හරියන්න වන්දි නොදෙන රක්ෂණ ආයතන තියෙනවා. ඒ නිසා හැමවෙලේම ඔබ වාහනය භාවිතා කරන විදිහට ගැළපෙන රක්ෂණාවරණයක් තෝරාගන්න.

? ඔබේ වාහනයේ වටිනාකමට අනුව ගෙවන්න වෙන රක්ෂණ මුදල ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. හැබැයි මිල අඩු වූ පළියට රක්ෂණ තෝරන්නත් එපා. රක්ෂණ ආවරණ සහ සේවාවන් ප්‍රමාණය ගැන හොඳට හොයලා බලන්න. මොකද ආයතනයෙන් ආයතනයට හිමි වෙන සේවාවන් සහ ආවරණයන් ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගෙවන මුදලට වැඩිම සේවාවක් සහ ගැලපෙන ආවරණ ප්‍රමාණයක් ලබාදෙන ආයතනයක් තෝරා ගන්න.

? අනතුරක් සිද්ධ වුණ වෙලාවකදී ඔබ රක්ෂණය ලබාගත් ආයතනය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අනිවාර්යෙන් හොයලා බලන්න.විශේෂයෙන්ම සහය සපයන ආකාරය, වන්දි ලබාදෙන හැටි, වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති පහසුව සහ ගතවෙන කාලය වගේ දේවල් ගැන විමසලා බලන්න. අපි අරක දෙනව මේක දෙනවා කියලා කොච්චර අඬබෙර ගැහුවත් සමහර ආයතන වල හැටි තේරෙන්න ගන්නෙ අපි අනතුරකට ලක්වුණාම තමයි. අන්න ඒ නිසා ඒ ඒ ආයතන වලින් කියන දේවල් වලට අමතරව වටින් ගොඩිනුත් ඒ අය ගැන තොරතුරු විමසලා බලන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW