ලොව සතුටු කරමින්, අත් පා සෙලවිය නොහැකි පුද්ගලයින් සඳහා අලුත්ම චිප් එකක්

Elon Musk
By Sewvandhi Jan 30, 2024 08:51 AM GMT
Report

ක්‍රමවේදයක් ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම මගින්, අත් පා සෙලවිය නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට තම සිතිවිලි භාවිත කරමින් භාණ්ඩ පරිහරණය කිරීමේ හැකියාව ලබාදෙන නව තාක්ෂණික අත්හදාබලමින් සිටී.

එහි නවතම පියවර ලෙසයි, රැහැන් රහිත 'චිප්' එකක් මිනිස් මොළයට සාර්ථකව සවි කිරීමට එම සමාගම සමත්ව ඇත්තේ. එම සමාගම, මෙවන් මස්තිෂ්ක චිපය මිනිසෙකු යොදාගෙන අත්හදා බලා ඇත්තේ පළමුවරටය.

බලධාරීන් චිපය සවිකළ පුද්ගලයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු කර ඇති බව වාර්තා වේ.

වාර්තා වන්නේ, මිනිස් හිසකෙස්වලටත් වඩා සියුම් නම්‍යශීලී කෙඳි 64ක්, මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කිරීම මෙහිදී සිදුවන අතර ඉන් මිනිසාගේ මොළය පරිගණකයට සම්බන්ධ කෙරෙන බවයි.

මිනිසුන්ට ඇතිවිය හැකි සංකීර්ණ ස්නායු රෝගාබාධවලදී සහාය වීමේ අරමුණින් නිපදවූ මෙය නිෂ්පාදනය ටෙලිපති ලෙස නම් කර තිබේ.

මෙම තාක්ෂණය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීමේ අවසරය මැයි මාසයේදී එම සමාගමට හිමිවූයේ වසර 6ක් තිස්සේ ගත් ප්‍රයත්නයකින් අනතුරුවය.

Sponsored By Sarrita Jewellery

ලොව සතුටු කරමින්, අත් පා සෙලවිය නොහැකි පුද්ගලයින් සඳහා අලුත්ම චිප් එකක් | Chip For People Who Can T Move Their Limbs