කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට ලැබෙන චීන නිවාස ගැන ඇමතිගෙන් දැනුම් දීමක්.
චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් දී තිබෙනවා.
ඒ, අනුව මාර්තු මස මුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර ඊට පෙර මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීන රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මේ බව කියා සිටියේ, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීයි.
චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48ක්.
වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කර ඇත.
ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන අතර කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 මෙලෙස ඉදිවනු ඇති.