ආන්දෝලනාත්මක චීන නැව ගැන අලුත්ම හෙළිදරව්වක්..

China Ship
By Aruna Aug 07, 2022 12:28 AM GMT
Report

ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත්ව සිටින චීනය තවත් යුද අභ්‍යාසයකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, චීනය මේ වන විටත් තායිවානයට ආසන්න මුහුදු සීමාවේ මත භේදාත්මක යුද අභ්‍යාසයක නිරත වී සිටින පසුබිමක් තුලයි.

එයින් මතු වී ඇති අර්බුදකාරීත්වයද නොතකා කහ මුහුදේ දකුණු සීමාව තුළ දින 09ක යුද අභ්‍යාසයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව චීනය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සජීව පතොරොම් භාවිතා කරමින්. ඒ අනුව, අදින් ආරම්භ කිරීමට නියමිත බව පැවසෙන යුද අභ්‍යාසය ලබන 15 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. කහ මුහුද පිහිටා ඇත්තේ චීනය සහ කොරියානු අර්ධද්වීපය අතරයි.

චීනය සහ දකුණු කොරියාව අතරද මත භේදාත්මක තත්ත්වයක් පවතින බැවින් චීනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කළහොත් දකුණු කොරියාව ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න ගැටලුසහගත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දකුණු කොරියාව යනු ඇමරිකාවේ සමීපතම රාජ්‍යයක් වනවා.

ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිස් සිය මතභේදාත්මක තායිවානු සංචාරයට පසුව පැමිණියේද දකුණු කොරියාවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now