චීන ණය සම්බන්ධයෙන් ලංකාවට අලුත් අභියෝගයක්

Sri Lanka Economic Crisis Sri Lanka Government of China IMF Sri Lanka China
By Sewvandhi Sep 08, 2022 07:10 AM GMT
Report

චීනය වෙතින් දැවැන්ත ණය ආධාර ලබාගත හැකි තවත් රටවල් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නව අභියෝගයක් මතුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම ද්විපාර්ශවික ණය හිමි රටවන චීනය වසර 2000 සිට 2017 දක්වා කාලය තුළදී ලොව රටවල් 165කට ලබාදී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 843කි.

මේ අතර පසුගිය කාලයේදී චීනය අප්‍රිකානු රටවල් 17 ක් සඳහා ලබාදී තිබු පොලී රහිත ණය ආධාර 23ක් කපාහැරීමට එකඟතාවය පළකර තිබේ. කෙසේවෙතත් මෙය චීනය විසින් ලබාදී ඇති මුළු ද්විපාර්ශ්වික ණයවලින් සියයට 5කට අඩු ප්‍රමාණයක් බව රොයිටර් විශ්ලේෂණය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකානු රටවල් රැසක් මේවන විට චීනය වෙතින් සිය ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. මෙහිදි ඩොලර් බිලියන 8ක ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස සැම්බියාව ඉදිරිපත්කර අතර ඉල්ලීමට චීනය දක්වන ප්‍රතිචාරය ශ්‍රී ලංකාවටද වැදගත් වන බව රොයිටර් පුවත් සේවය පවසයි


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW