විශාල ගොඩනැගිල්ලක ගින්නක් (විදෙස්)

By Sithumi Sep 16, 2022 03:23 PM GMT
Report

චීනයේ චැන්ෂා නගරයේ පිහිටි ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

මහල් 42කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර මහල් දුසිම් ගණන් ඊට හසුවූ බවද විදෙස් මාධ්‍ය පවසයි.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.