හිසකෙස් වඩන 'Detangle' විද්‍යුත් පනාව මෙන්න

Hair Growth China World Sinhala news Life Style
By R.rishma Nov 19, 2026 07:01 AM GMT
Report

[හිසකෙස් වඩන ]

හිසකෙස් ගැලවී යාම සහ තට්ටය පෑදීම (Androgenetic Alopecia) සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ක්‍රියා කළ හැකි පර්යේෂණාත්මක විද්‍යුත් පනාවක් නිපදවීමට චීනයේ බෙයිහාන් විශ්වවිද්‍යාලයේ (Beihang University) පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

"Detangle" ලෙස නම් කර ඇති මෙම නවීන ඉලෙක්ට්‍රොනික පනාව මගින් ස්පන්දිත විද්‍යුත් ක්ෂේත්‍ර (Pulsed Electric Fields) භාවිත කරමින් ඖෂධීය අණු හිස්කබලේ සම හරහා හිසකෙස් මුල් වෙත ගැඹුරින් යොමු කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙම තාක්ෂණය සඳහා රුධිර නාල වර්ධනය උත්තේජනය කරන VEGF-A අණුව සහ හිසකෙස් ගැලවී යාමට සම්බන්ධ DHT හෝමෝනය නිපදවීම පාලනය කිරීමට උපකාරී වන SRD5A2 siRNA අණුව භාවිත කර තිබෙනවා.

හිසකෙස් වඩන

මීයන් යොදාගෙන දින 28ක් පුරා සිදු කළ මූලික පර්යේෂණවලදී මෙම නව ප්‍රතිකාර ක්‍රමය මගින් කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රතිකාර කළ ප්‍රදේශවල සියයට 98ත් 100ත් අතර මට්ටමක හිසකෙස් වර්ධනයක් නිරීක්ෂණය වී ඇති අතර, එය සාමාන්‍යයෙන් හිසකෙස් වර්ධනය සඳහා භාවිත කරන මිනොක්සිඩිල් (Minoxidil) ප්‍රතිකාරයට සාපේක්ෂව ඉහළ ප්‍රතිඵලයක් බව පර්යේෂකයන්ගේ පරීක්ෂණවලින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණය මෙතෙක් පරීක්ෂා කර ඇත්තේ සතුන් යොදාගෙන පමණක් වීම විශේෂත්වයක්.

එබැවින් මිනිසුන් සඳහා භාවිතයට ගැනීමට පෙර එහි ආරක්ෂාව, දිගුකාලීන සාර්ථකත්වය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තහවුරු කර ගැනීම සඳහා සායනික පරීක්ෂණ (Clinical Trials) සිදු කළ යුතු වනවා.

ඒ අනුව තට්ටය පෑදීම සහ හිසකෙස් ගැලවී යාම සම්බන්ධයෙන් අනාගතයේදී නව ප්‍රතිකාර විකල්පයක් බිහි කිරීමේ හැකියාව මෙම පර්යේෂණාත්මක තාක්ෂණය සතු වුවද, එය තවමත් වෙළෙඳපොළට නිකුත් කළ හැකි හෝ මිනිසුන් සඳහා තහවුරු කළ ප්‍රතිකාරයක් නොවන බව අවධාරණය කළ යුතුයි.