විද්‍යාඥයින්ට ලැබෙන අලුත්ම තැන..

China
By krishani Sep 25, 2022 02:47 AM GMT
Report

චීන රසායනාගාරවල සේවය කිරීම සඳහා අමෙරිකානු රසානාගාරවල සේවය කළ විද්‍යාඥයින් බඳවා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Strider Technologies නම් තාක්ෂණික ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණ කරන්නේ අමෙරිකාවේ යුද තාක්ෂණික කටයුතු වැඩිදියුණු කිරීමේ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ විද්‍යාඥයින් එලෙස චීන රසායනාගාරවල සේවය සඳහා බඳවා ගනිමින් සිටින බවය.

කෙසේවෙතත් අමෙරිකාවේ නිව් මෙක්සිකෝහි පිහිටි Los Alamos National Laboratory නම් රසායනාගාරයේ සේවය කළ විද්‍යාඥයින් එලෙස චීන රසායනාගාරවල සේවය සඳහා බඳවා ගෙන ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join