වෙළෙඳපොළේ ඇති කෑලි මිරිස් සහ මිරිස් කුඩු වලට මිශ්‍ර කර තිබූ දේවල් - සැලකිලිමත්වන්න..!

Sri Lanka Businessman
By Sewvandhi Nov 26, 2022 08:05 AM GMT
Report

මහජන පරීක්ෂකවරුන් අහඹු ලෙස වෙළඳපොළට කෑලි මිරිස් සහ මිරිස් කුඩු බෙදාහරින ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර.

අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ එම පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ අදාළ මිරිස් කුඩු සහ කෑලිවල සියයට 50ක් එක්කර ඇත්තේ ලුණු, පාන්පිටි සහ වර්ණක බවය. එහි සාම්පල් රස පරීක්ෂක වෙත යවා ලැබුණු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇත.

අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂක හංසික නදීෂ් මහතා පැවසූවේ ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවලට මෙවැනි දේ එකතු කිරීමෙන් ජනතාව රෝගවලට ගොදුරුවීම වැඩිවන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පැවරීමෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 368ක් විනාශ කරන ලෙසය. සැකකරුට රුපියල් 30,000ක මුදල් දඩයක් පනවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now