ආනන්ද විද්‍යාලයේ සියලුම "මිරිස් පෑන්" ජනපති මිලදී ගයි - (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Dec 12, 2022 03:41 PM GMT
Report

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පෑන් ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගන්නා ලෙස දැනුම් දුන්නා .

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයකට ආනන්ද විද්‍යාලය මෙම බීජ පෑන් ඉදිරිපත් කර තිබිණි.

එම බීජ පෑන් ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පැවසූයේ පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය කරන නිසා මෙවැනි නිර්මාණ ඉතා වැදගත් බවයි.

එම පෑන් සියල්ල ජනාධිපති කාර්යාලයෙන් මිලදී ගෙන එහි ජනාධිපති මුද්‍රාව ද සටහන් කර ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන බව කී ජනාධිපතිවරයා පාවිච්චි කළ පෑන් රෝපණය කිරීම සඳහා නැවත ආනන්ද විද්‍යාලයට බාර දෙන බවද එයින් ලබන මිරිස් අස්වැන්න පිළිබඳව ආනන්ද විද්‍යාලය තමාට වාර්තා කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery