වයස අවුරුදු 15 දක්වා දරුවන්ගේ එන්නත් ගැන දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 19, 2023 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ,ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසයි.

 එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙසයි.

ඔහු පෙන්වා දුන්නේ, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බවය.

ඒ අනුව රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත්, නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.