ලංකාවේ ළමුන්ගෙන් 17%කට සිදු වුණ කිසිදා නොවුන කණගාටුදායක සිදුවීම.. (VIDEO)

Sri Lanka
By krishani Jun 14, 2022 03:33 AM GMT
Report

අද වන විට ලංකාවේ දරුවන්ගෙන් 17%ක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එමෙන්ම තවද දරුවන් රැසක් ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයෙන් පෙළෙන බව ද හෙළි වී තිබෙන අතර උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ආහාර ගැනීම් සීමාකර තිබීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය සිකුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ මෙරට පවුල්වලින් 86%ක් ආහාර ගැනීම අඩුකිරීමේ ක්‍රියාමාර්ගවලට යොමු වී සිටින බවත් ජනගහනයෙන් 22% කට ආහාර ආධාර අවශ්‍යව පවතින බවත් ය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join