දරුවන්ට පහරදී සමාජ මාධ්‍යයට දැමූ පියාට වැඩ වැරදුනු හැටි.
තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කල පියෙක් අද (07) උදැසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,වතු යායක පදිංචිව සිටින 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි දිඹුල පතන පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම පසුගිය (05) වනදා රාත්‍රියේ නිවසේදි අවුරුදු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහර දි ඇති බවත්, සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගතව ඇති බවත් සඳහන්.
පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ,දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති බවත්, සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිලිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවත්ය.
පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.