දරුවන් දෙදෙනෙකු දියට බිලිවෙයි

By Sithumi Oct 17, 2022 07:21 PM GMT
Report

ජලය පිරී තිබූ ගල්වළක දියේ ගිලීමෙන් පාසල් දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා 

 මෙම අනතුර වාර්තා වන්නේ අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයෙන්ය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 සහ 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනෙක් වන අතර බැරල් යොදා සකස්කර තිබූ පාරුවක් පැදීමට උත්සාහ ගැනීමේදී එය පෙරළී දරුවන් දෙදෙනා දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.