දරු උපතක් ගුවන් නියමුවෙකුට මරු කැඳවයි.

World
By Hashini Sep 05, 2023 09:28 AM GMT
Report

මෙක්සිකෝවේ පැවැති උත්සවයකට සමගාමීව පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස අනතුරුට ලක්ව ඇත්තේ සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි තරුණ යුවළක් ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ ගැහැණු දරුවෙකු ද පිරිමි දරුවෙකු ද යන්න ප්‍රකාශයට පත් කිරීම සඳහා සංවිධාන කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වූ ගුවන් යානයක නියමුවෙක්.

එහිදී ඔහුට පැවරී ඇත්තේ උඩු ගුවනේ රෝස පැහැති දුමාරයක් ව්‍යාප්ත කිරීමයි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී යානය අනතුරට ලක්ව කඩා වැටී තිබෙනවා.

අනතුරට පත් නියමුවා රෝහල් ගත කළ ද ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගිය ගුවන් නියමුවාගේ අනන්‍යතාව සහ ගුවන් යානය අනතුරට ලක්වූ හේතුව අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.