චිකන් කළුපොල් කරිය කාලා තියෙනවද?

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 13, 2022 11:59 AM GMT
Report

ගොඩක් අය කළුපොල් ව්‍යංජනය කාලා ඇති. හැබැයි චිකන් කළුපොල් කරිය කාලා නැහැ නේද? ඔන්න අද කියලා දෙන්න හදන්නේ චිකන් කළුපොල් රෙසිපි එක ගැනයි. 

අවශ්‍ය ද්‍රව්‍ය

? කටු ඉවත් කරගත් කුකුල්මස් 500g

? Chicken Curry powder

? ගාගත් පොල් 40g

? හාල් 40g

? පෙති කපාගත් ළුණු ගෙඩියක්

? කරාබු නැටි 2ක්

? කුරුඳුපොතු කැබැල්ලක්

? සුදුළුණු බික්කක්

? පොඩියට කපාගත් අමු මිරිස් කරල් 2ක්

? රම්පේ

? කරපිංචා

? සියඹලා

? මාගරින්

? ජලය 300ml

? උකු පොල්කිරි කෝප්ප 1ක්

සාදාගන්න ආකාරය

? සහල් සහ පොල් කබලේ හෝ භාජනයක් දාලා දුඹුරු පැහැ වනතුරු හොඳින් බැදගන්න.

? බැදගත් මිශ්‍රණය හොඳින් ගලේ අඹරා ගන්න. නැතිනම් හොඳින් කුඩු වන තුරු කොටා ගන්න.

? භාජනයකට මාගරින් දමා ලිපේ තබන්න .

? එයට ළුණු, සුදුළුණු, කරපිංචා සහ රම්පේ දමා සුවඳ එනතුරු තෙම්පරාදු කරගන්න.

? ඊට කුකුල්මස්, කුඩු කරගත් (අඹරාගත්) කළුපොල් , Chicken Curry powder සහ සියඹලා එක් කර හොදින් මිශ්‍ර කරන්න.

? පසුව පොල්කිරි සහ ජලය දමා පිසගන්න.

? දැන් රස බලන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW