කුකුළු මස්, මාළු මිල අඩු වන දින වකවානු දැනුම්දෙයි..
Sri Lanka Politician
Sri Lanka
Businessman
Sri Lanka Customs
By Aruna
කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දින කිහිපය තුල කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත් පවතී.
මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.
මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බවයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |