බිත්තර සහ කුකුල් මස් මිල එකවර පහළ යයි..නව මිල ගණන් මෙන්න.

Sri Lanka Business Eggs price Vegetable market Chicken price
By Aruna Jan 03, 2022 03:43 AM GMT
Report

පසුගිය උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබෙනවා.

රුපියල් 750ක් ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බව කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙනවා.

මේ අතර, බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇති අතර, රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට යි.

පසුගිය සති කිහිපයේ බිත්තර සහ කුකුල් මස් මිල අධික ලෙස ඉහළ යාමෙන් රට පුරා පාරිභෝගික ජනතාවගෙන් විවිධ මැසිවිලි නැගුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now