කුකුල් මස් විකුණන්න බැරිව මිල පහල බසී..
පසුගිය සතියට සාපෙක්ෂව කුකුල් මස් කිලෝවක් රු 150 කින් පමණ පහල බැස ඇතත්, කුකුල් මස් අලෙවිය සීඝ්‍රයෙන් පහල බැස ඇති බව කුකුල් මස් අලෙවිකරුවන් පවසනවා.
ඉකුත් සතියේ රු 1700 ක මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක් (10) දින වන විට රු 1450 පමණ වුවත් පාරිභෝගිකයන් කුකුල් මස් මිල දි නොගන්නා බවයි අලෙවිකරුවන් පවසන්නේ.
මීට අමතරව බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් රැසකම බිත්තර පාලන මිලට අලෙවි කිරිමට නොහැකි නිසා බිත්තර අලෙවිය සිදු නොකරන අතර, ඇතැම් ව්‍යාපාරිකයන් පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට අලෙවි කරනු ලබන බවයි වාර්තා වන්නේ.
මේ අතර, බිත්තර , සහල් වැඩි මිලට අලෙවි කිරිම සහ මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවි කල වෙලෙදුන් 19 දෙනෙකු නිතියේ රැහැනට කොටු කර ගනිමින් එම වෙලෙදුන් 19 දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතයන් 19 දෙනාට රුපියල් එකලොස් ලක්ෂ හැට තුන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මොහොමඩ් ෆරුක් ඩින් මහතා නියෝග කළා.
හැටන් , මස්කෙලිය , නොර්වුඩ් සහ සාමිමලේ යන නගර වල පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත පසුගිය දා තම අධිකාරියේ නිලධාරින් වැටලිමක් සිදු කර සැකකරුවන් 19 දෙනා නිතියේ රැහැනට කොටු කරගත් බවයි, නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසුවේ.
චුදිතයන් අතරින් සහල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කල මස්කෙලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රු පන්ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා කියා සිටියේ, මෙවැනි වැටලිම් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩව සිදු කරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |