යල කන්නයට පොර දෙන්න එකඟ වෙයි..ජනපති දැනුම් දෙයි.
Gotabaya Rajapaksa
Sri Lanka
Narendra Modi
India
By Aruna
යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දීය ණය රේඛාව යටතේ ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
මේ අතර, 2022 මහා කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීම සඳහා අවශ්‍ය මූලික සහයෝගය ලබාදීමට ලෝක බැංකුව එකඟත්වය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
රසායනික පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ලෝක බැංකුවේ නිලධාරින් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අදාළ එකඟත්වය ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |