පොහොර ලබාදීම ගැන ඇත්ත කතාව මෙන්න..

Mahinda Amaraweera Sri Lanka
By Aruna May 29, 2022 07:03 AM GMT
Report

යළ කන්නයට ගෙවීන්ට දීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනවිත් නොමැති බවත් යළ කන්නට පොහොර දීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

යළ කන්නයේ උපරිමයෙන් සියයට 50 ක අස්වැන්නත් බලාපොරොත්තු වියහැකි බව කී අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම යළ කන්නයට මහන්සිවීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවත් සඳහන් කළා.

ඒ හේතුවෙන් දැන් සිටම මහ කන්නයවත් සාර්ථක කරගැනීමට උත්සහ කළ යුතු බවත් ලෝක ආහාර අර්බුදයක් ඇති වන බවට විවිධ පුද්ගලයන් ඉඟිපළකර තිබීම නිසා වෙනත් රටවල් පොහොර දීම අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

පොහොර 65,000 ක් ඇව්ලාල් අමාත්‍යංශය බාරගත් පසු බෙදීමට පමණක් ඇති බව සිතා සිටියද එවැන්නක් නොමැති බව කී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇත්ත කථා කරන්නේ නම් මේ වන තෙක් ආණ්ඩුවෙන් පොර හොන්ඩරයක් ගෙනවිත් හෝ නැවකට පටවා හෝ නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රනිල් විවික්‍රමසිංහ මහතා නොව සක්කරයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යනවිට බරපතල තත්වයකට පත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now