මල් කැකුළකට දිවි අහිමි කළ වැල්ලම්පිටියේ මාරක අනතුර - විදුහල්පතිට එල්ල වන චෝදනා ගැන මැතිසබය කියන කතාව. - (VIDEO)
වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ ජල කරාමයක් සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිඟිති දියණියකට දිවි අහිමි වූ සිදුවීම ඊයේ දිනයේ මුළු රටේම ජනතාවගේ සිත් කම්පනයට පත් කරන්නට හේතු වුණා. මෙම අනපේක්ෂිත අනතුරින් මිය ගියේ සෙහන්සා නෙත්සරණි නම් සය හැවිරිදි දියණියකි.
අත් සේදීමට ගිය කුඩා දරුවන්ගේ ඇඟට කඩා වැටුණු මෙම තාප්පය වසර 10ක් පමණ පැරණි එකක් බවට පැවසෙන අතර, එම ඉදිකිරීමෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළ වී තිබෙනවා.
සිද්ධිය සැලවීමෙන් පසු පාසල අසලට පැමිණි දෙමාපියන්ට එක්වරම පාසල තුළට ඇතුළු වීමට ඉඩ නොදීම නිසා එහිදී මෙවන් උණුසුම්කාරී තත්වයක්ද ඇතිවූ අතර පසුව රැස්ව සිටි පිරිස පාසලේ ගේට්ටු කඩා පාසල් පරිශ්‍රයට ඇතුළු වූ බව පැවසේ.
එම අවස්ථාවේ එහි සිටි එක් කාන්තාවක් මෙසේ වේගවත් අදහස් පළකිරීමක් සිදු කළාය.
එහෙත් සමහර පිරිස් කියා සිටින්නේ මෙම පාසලේ විදුහල්පතිවරයා, ගුරුමණ්ඩලය සහ දරුදැරියන් අතර ඉතා යහපත් සම්බන්ධයක් පැවති අතර පාසලේ පරිපාලනයද සාධනීය මට්ටමක පැවති බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ අද දින පාර්ලිමේන්තුවේද අදහස් පළ වූ අතර මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා එහිදී මෙසේ අදහස් පළ කරන ලදී.